ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වගේමPayza පාවිච්චි කරලා ලංකාවෙ අපිට Bitcoin ගන්න පුළුවන් පහසුම ක්‍රමය Indacoin කිව්වොත් නිවැරදියි. ඒ වගේම Payza වලිනුත් ගෙවන්න පුළුවන්. ගිණුම හදන්න ලියකියවිලි මොකුත් ඕනෙ නෑ. ඕන කරන්නෙ mobile number එක විතරයි. මොකද හැම transaction එකකදිම mobile phone එකට SMS එකක් එනවා code එකක් එක්ක. ඒක සයිට් එකේ ගැහුවට පස්සෙ තමයි transaction එක සිද්ධ වෙන්නෙ.
හැබැයි ඉතින් ක්‍රෙඩිට් හො ඩෙබිට් කාඩ් එකෙන් ගෙවනව නම් මේකත් වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න සුදුසු නෑ. පොඩි පොඩි අවශ්‍යතා වලට නියමයි. හැබැයි Payza හරහා ගෙවනවා නම් ටිකක් ලාබයි.
😊 වාසි:
- අමතර ලියකියවිලි මොකුත් නැතුව හරිම පහසුවෙන් ගිණුමක් හදාගෙන Bitcoin ගන්න පුළුවන්.
- වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නෑ.
- වැදගත්ම දේ ලංකාවට support කරන එක.
😢 අවාසි:
- Exchange Rate එක ගොඩක් වැඩි නිසා අපිට පාඩුයි.
- කාඩ් එකෙන් ගෙවද්දි $50 ට අඩු මිලදී ගැනීම් වලට fee එක $2 යි. එතන ඉඳලා උඩට 4% යි.
- Payza වලින් ගෙවන්න නම් අනිවාර්යෙන්ම Indacoin ගිණුමක් තියෙන්න ඕනේ.
මේක ලංකාවෙ අපිට ගොඩක් වැදගත් නිසා මෙතනින් ගිහින් ගිණුමක් හදලා තියා ගන්න එක කොයිකටත් හොඳයි.
මේකෙදි Payza වලින් ගෙවලා Bitcoin ගනිද්දි ගිණුමක් හදලා ඒකට ලොග් වෙලා dashboard එකේ තියෙන Funding Options පේජ් එකට ගිහින් Payza තෝරලා සල්ලි ගිණුමට දා ගන්න ඕනේ. ඉන් පස්සෙ Buy/Sell පේජ් එකට ගිහින් Buy BTC තෝරලා අපිට Bitcoin මිලදී ගන්න පුළුවන්.



No comments:
Post a Comment