Bitcoin watchin video

BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්

BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්

RANAWAKA BLOG
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි Bitcoin සල්ලි වලට ගන්නෙ කියන එක. ඒ නිසා අද ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිතුවා. Bitcoin ගැන දන්නෙ නැත්නම් මුලින්ම

මේ ලිපිය කියවලා ඉන්න.

Bitcoin ගන්න තැන් නම් ඕන තරම් තියෙනවා. නමුත් අපේ සල්ලි වලට නියම වටිනාකම වගේම විශ්වාසය ලැබෙන තැන් තියෙන්නෙ කිහිපයක් විතරයි. ඒ වගේම අපේම සල්ලි දීලා Bitcoin ගන්නවා වුණාට සමහර තැන් වලින් Bitcoin ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා.

ගොඩක් වෙලාවට අපි Bitcoin ගන්න ගෙවන්න පාවිච්චි කරන්නෙ අපේ ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක. ඒ නිසා ඒ කාඩ් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. ඉතින් කැමති නම් ඒ ගැන ලියපු මේ ලිපියත් කියවන්න. එහෙමනම් මෙතන ඉඳලා Bitcoin ගන්න පුළුවන් හොඳම තැන් කිහිපයක් ගැන අපි එකින් එක කතා කරමු.

ඊට කලින් Bitcoin ගිණුමක් තියෙන්න ඕනේ. දැනට Bitcoin ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් එකක් හදා ගන්න.

Blockchain එකෙන් හරි Coinbaseඑකෙන් හරි.


හැමෝම හොඳට දන්න තැනක්. ඒත් සමහරු නොදන්නවා වෙන්න පුළුවන් Payza එකෙන් Bitcoin ගන්න පුළුවන් බව. දැනටමත් අන්තර්ජාලයෙන් සල්ලි හොයලා Payza එකට withdraw කරන අයට ලේසියෙන්ම ඒ සල්ලි Bitcoin වලට හරව ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Withdraw Funds පිටුවට ගිහින් Bitcoin තෝරන්න විතරයි.
(හැබැයි debit card එකෙන් Payza එකට සල්ලි දාලා ඒ සල්ලි වලින් නම් Payza වල Bitcoin ගන්න බෑ.)

අපි හොයන සල්ලි වලින් විතරයි මේකෙ Bitcoin ගන්න පුළුවන්.

😊 වාසි:
  • අමතර ලියකියවිලි නැතුව ලේසියෙන්ම Bitcoin මිලදීගන්න පුළුවන්.
  • Fee එක 2% යි. 
😢 අවාසි:
  • withdraw වෙන්න දවස් 3ත් 5ත් අතර කාලයක් ගත වෙනවා.
  • ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා Bitcoin ගන්න බෑ.
Revshare කරන අයට නම් Bitcoin ගන්න හොඳම ක්‍රමය Payza තමයි. මමත් දැන් ගොඩක් වෙලාවට Payza තමයි පාවිච්චි කරන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - RANAWAKA

ඒ වගේම අපිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරල Bitcoin ගන්න ක්‍රමයකුත් තියෙනවා Payza එකේ. ඒකට හොඳ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න ඕනේ. අපි Payza එකට කාඩ් එකෙන් සල්ලි දාලා ඒ සල්ලි යාළුවට යවනවා. යාළුවට කියනවා අපේ Bitcoin wallet address එකට ඒ සල්ලි withdraw කරන්න කියලා. එතකොට අපිට ආපහු Bitcoin විදිහට සල්ලි එනවා අපේ wallet එකට. මේකට ඉතින් දවස් 3-5 අතර කාලයක් යනවා. ඒ වගේම 10% ක් විතර fee එකකුත් කැපෙනවා. ඒ විතරක් නෙවෙයි යාළුවගෙ account එකත් verify කරලා තියෙන්න ඕනේ.

CEX.IO BITCOIN

CEX GANA WISTHARTHMAKA THORATHURU METHANIN CLIK HERE


ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වගේමPayza පාවිච්චි කරලා ලංකාවෙ අපිට Bitcoin ගන්න පුළුවන් පහසුම ක්‍රමය Indacoin කිව්වොත් නිවැරදියි. ඒ වගේම Payza වලිනුත් ගෙවන්න පුළුවන්. ගිණුම හදන්න ලියකියවිලි මොකුත් ඕනෙ නෑ. ඕන කරන්නෙ mobile number එක විතරයි. මොකද හැම transaction එකකදිම mobile phone එකට SMS එකක් එනවා code එකක් එක්ක. ඒක සයිට් එකේ ගැහුවට පස්සෙ තමයි transaction එක සිද්ධ වෙන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans -  ranawaka

හැබැයි ඉතින් ක්‍රෙඩිට් හො ඩෙබිට් කාඩ් එකෙන් ගෙවනව නම් මේකත් වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න සුදුසු නෑ. පොඩි පොඩි අවශ්‍යතා වලට නියමයි. හැබැයි Payza හරහා ගෙවනවා නම් ටිකක් ලාබයි.

😊 වාසි: 
  • අමතර ලියකියවිලි මොකුත් නැතුව හරිම පහසුවෙන් ගිණුමක් හදාගෙන Bitcoin ගන්න පුළුවන්.
  • වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නෑ. 
  • වැදගත්ම දේ ලංකාවට support කරන එක.
😢 අවාසි: 
  • Exchange Rate එක ගොඩක් වැඩි නිසා අපිට පාඩුයි. 
  • කාඩ් එකෙන් ගෙවද්දි $50 ට අඩු මිලදී ගැනීම් වලට fee එක $2 යි. එතන ඉඳලා උඩට 4% යි. 
  • Payza වලින් ගෙවන්න නම් අනිවාර්යෙන්ම Indacoin ගිණුමක් තියෙන්න ඕනේ.  
මේක ලංකාවෙ අපිට ගොඩක් වැදගත් නිසා මෙතනින් ගිහින් ගිණුමක් හදලා තියා ගන්න එක කොයිකටත් හොඳයි.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans -  ranawaka

මේකෙදි Payza වලින් ගෙවලා Bitcoin ගනිද්දි ගිණුමක් හදලා ඒකට ලොග් වෙලා dashboard එකේ තියෙන Funding Options පේජ් එකට ගිහින් Payza තෝරලා සල්ලි ගිණුමට දා ගන්න ඕනේ. ඉන් පස්සෙ Buy/Sell පේජ් එකට ගිහින් Buy BTC තෝරලා අපිට Bitcoin මිලදී ගන්න පුළුවන්.


ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් $100 ට වැඩි Bitcoin මිලදී ගැනීම් වලට හොඳ තැනක් තමයි Coinමාමාකියන්නෙ. Exchange Rate එක අඩු නිසා ලාබයි. හැබැයි මේකෙ කලින් ඒවයෙ වගේ ලේසියෙන් Bitcoin ගන්න බෑ. ගනුදෙනු කරන්න කලින් ගිණුම verify කරන්න වෙනවා.

Verification levels 2 ක් තියෙනවා. පළවෙනි එකට ඔයාගෙ රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photo එකක් ඕන වෙනවා. ඒත් ජාතික හැඳුනුම්පත මේකට හරි යන්නෙ නෑ.

දෙවෙනි level එකේදි රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photos වගේම ඔයා රියදුරු බලපත්‍රයේ ඉස්සරහ පැත්ත පේන විදිහට අතේ තියාගෙන සෙල්ෆියකුත් ගහලා යවන්න වෙනවා. ඒ වගේම පදිංචිය තහවුරු කරන්න ෆෝන් බිලක් හරි විදුලි බිලක් හරි යවන්නත් වෙනවා.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - ranawaka

වැදගත්: මේ දේවල් යවනකොට ගන්න photos කිසිම app එකක් පාවිච්චි කරලා edit කරන්න එපා. අරගෙන එහෙමම යවන්න. ඒ වගේම photos ගන්න කැමරාව හොඳ quality එකක් වෙන්න ඕනේ. අඩුම තරමින් කැමරාව 5MP වත් නම් තමයි හොඳ. (දැන් ගොඩක් smartphone වල 5MP ට වඩා වැඩි කැමරාවක් එන නිසා ප්‍රශ්නයක් නෑ.) ගන්න photos පැහැදිලි වෙන්නත් ඕනේ. බොඳ වෙලා තියෙන්න බෑ.

😊 වාසි:
  • fees වගේම Exchange Rate එකත් අඩු නිසා අපිට ගොඩක් ලාබයි. 
  • ඒ් වගේම ඉක්මනින් Bitcoin මිලදී ගන්න වගේම විකුණන්නත් පුළුවන්. 
  • ආරක්ෂාව හොඳටම තියෙනවා.
😢 අවාසි:
  • ලියකියවිලි ඕන වෙන නිසා ටිකක් කරදරයි. ඒත් පළවෙනි පාර විතරක් නිසා අවුලක් නෑ. 
verification එකේදි අදාළ photos upload කළාට පස්සෙ පැය 2ක් ඇතුළත අපි යවපුවා පැහැදිලි නම්, පිළිගන්න පුළුවන් නම් ගිණුම verify වෙනවා. ඉන් පස්සෙ තමයි අපිට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ.

මේ බැනර් එක ක්ලික් කරලාCoinමාමා ගිණුමක් හදා ගන්න.


මේක නම් ඉතින් හැමෝම දන්න කියන තැනක්. පොඩ්ඩක් E-Bay එකට log වෙලා bitcoin කියලා search කරලා බලන්න. සමහර seller ලගෙ නම් fees සෑහෙන වැඩියි. ඒත් සමහර වෙලාවට ඔයාට ලාබෙට bitcoin හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. මේකෙ ඉතින් ගෙවන විදිහයි ආරක්ෂාවයි ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans -  ranawaka

මේකෙ ඉන්න ගොඩක් sellers ලගෙන් Bitcoin ගන්න එක පාඩුයි. කලාතුරකින් තමයි හොඳ seller කෙනෙක් හම්බ වෙන්නෙ. හැබැයි එහෙම අහු වුණොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.

------

එහෙනම් Bitcoin මිලදී ගන්න පුළුවන් තැන් ගොඩක් ගැන අපි කතා කළා. ඒ අතරින් තමන්ට කැමතිම, පහසුම තැන තෝර ගන්න එක ඔයාගේ වැඩක්. මේ කිසිම සයිට් එකක් ගැන ගැඹුරට විස්තර කරන්න ගියේ නෑ මම. මොකද ඒක ගොඩක් අමාරු වැඩක් නිසා. එහෙම කරන්න ගියොත් මේ පෝස්ට් එක මාගලක් වගේ දික් වෙනවා. දැනටත් සෑහෙන දිගයි.


ඉතින් ඔන්න තවත් දැවැන්ත පෝස්ට් එකක අවසානය. දවස් ගාණක් ගියා මේක ලියන්නත්. මේක ලියන්න හේතු වුණේ ඉස්සරහට අපි කරන e-Money වැඩ වලට මේක ගොඩක් වැදගත් නිසා. එහෙමනම් තවත් මේ වගේම පෝස්ට් එකකින් හම්බ වෙමු.

ජයවේවා!


No comments:

Post a Comment

BITCOIN CURRENCY පඩම් මලාවෙ සියලුම කොටස් එක BLOG එකකින් බලා ගන්න පුලුවන්

Bitcoin Currency Bitcoin ලොකයෙ ප්‍රදන මුදල් එකකයට වන ($) ඩොලර් වලට අබියොග කරයි මුලු ලොකයම Bitcoin රැල්ලක... එක විනඩියක් නතර වෙලා අහපන...