Online ගනුදෙනු කරන අයට eWallet Accounts 10ක්.
අන්තර්ජාලයත් එක්ක ගනුදෙණු කරන ශ්‍රී ලංකික ව්‍යවසායකයන්ට නැතිවම බැරි දෙයක් තමයි, ඉලෙක්ට්‍රොනික් wallets නැතිනම් e-Wallets කියලා කියන්නේ. ඔයාලා හැමෝම දන්න Paypal, Skrill (ඒ දවස් වල කිව්වේ Moneybookers කියලා), Payza (ඉස්සර AlertPay), Neteller සහ Payoneer කියන ගිණුම් වර්ග ඔක්කොම අයිති වෙන්නේ මේ eWallets කියන Online Payment Processors Category එකටයි.
1. Skrill (Moneybookers)
Skrill (ඉස්සර විදිහට Moneybookers) තමයි Online Payment Processors ලා අතරින් මම කැමතිම account එක. වැඩි කරදරයක් නැතුව activate කරන්න පුළුවන් වීමත්, ලේසියෙන්ම bank transfer එකක් හරහා ලංකාවට මුදල් ලබා ගැනීමේ හැකියාවත් Skrill accounts වලට විශේෂයි.
Moneybookers Account එකක් තමයි මම මුලින්ම හැදුවේ. මම පාවිච්චි කරන Exness, Hotforex වගේම තව ගොඩක් forex brokersලා Skrill වලින් කරන ගෙවීම් අනුමත කරනවා. 
2. Neteller
ඔයා Forex Trader කෙනෙක්, Binary Options Trader කෙනෙක් නම් එහෙමත් නැතිනම් ලොකු volumes වලින් අන්තර්ජාලයේ ගනුදෙණු කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම වගේ තියෙන්න ඕනේ account එකක් තමයි Neteller කියලා කියන්නේ. මේක all-in-one solution එකක්. ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ 3-4 දෙනෙකුට වග කියන විදියේ වැඩක්.
Neteller Account එකකට register වුණාම අන්තර්ජාල මුදල් ගණුදෙණු සඳහාම වන Virtual Prepaid Card එකක් වගේම ATM, POS ගනුදෙණු සඳහා ප්ලාස්ටික් card එකකුත් ගන්න පුළුවන්. Paypal වගේ නෙවෙයි මේ අය ලංකාවට full support!මේ ගැන මම ටික කාලෙකට කලින් Ultimate Guide එකක් ලිව්වා.
3. Payza (ඉස්සර AlertPay)
Payza නැතිනම් ඉස්සර විදියට AlertPay ගැන නම් ඔයාල හැමෝම දන්නවා ඇති. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන සහෝදරවරුන්ට නම් නැතිවම බැරි eWallet එකක් තමයි Payza කියන්නේ.
4. Paypal
eWallet Accounts ගැන කතාකරනකොට අමතක කරන්න බැරිම account එකක් තමයි Paypal කියන්නේ. ඉස්සර නම් Paypal වල තිබුණ ලොකුම අඩුපාඩුව තමයි මුදල් ආපසු ගන්නකොට (Withdrawals වලදී) ලංකාවට support කරන්නේ නැති වීම.
ඒ වුනාට Paypal Adminsලාවත් දක්ෂ විදියට අන්දලා ශ්‍රී ලංකාවේ අපේ වීරයෝ විවිධාකාර ක්‍රම වලින් අන්තර්ජාලයේ හොයන සල්ලි ලංකාවට ගේනවානේ. 
5. Payoneer
අන්තර්ජාලයේ නොයෙක් විදිහේ ගනුදෙණු කරන්නත්, ලෝකේ ඕනෙම තැනක පිළිගන්න MasterCard එකක් විදියටත්, අන්තර්ජාලයෙන් ඔයා උපයන මුදල් අවුලක් නැතුව ලංකාවට ගෙන්වා ගන්න තියෙන තවත් එක විකල්පයක් විදියටත් Payoneer eWallet account එකට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්.
Payoneer Debit MasterCard එක ගැන මට වඩා ගොඩක් හොඳට www.slmarketer.com ලියන ශ්‍යාම් චතුරංග සහෝදරයා විස්තර කරලා තියෙනවා. ඔයාට මේ links වලින් ගිහින් ඒ ලිපි පෙළ කියවන්න පුළුවන්.
- ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
- Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න
- ඔයාගේ Payoneer Card Fees අඩුකරගන්න මෙහෙම කරන්න
- Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
- Payoneer Card එකට මුදල් දැමීමට හැකි ක්‍රම
ඉස්සර මේ Payoneer Card එක ගන්න පුළුවන් වුණේ එයාලාගේ partnersලා හරහා විතරයි. ඒත් දැන් නම් ඕනෙම කෙනෙකුට කෙලින්ම මේ Payoneer Debit International MasterCard එකට apply කරන්න පුළුවන්.
6. PerfectMoney
සෑහෙන දෙයක් කරන්න පුළුවන් Payment Processor කෙනෙක්. එකම අවුලකට තියෙන්නේ PerfectMoney වලට ලංකාවේ ඉඳන් සල්ලි deposit කරන්න Exchanger කෙනෙක් පාවිච්චි කරන්න වෙන එක. මම පාවිච්චි කරන්නේ Unichange.me, Goldux හරි MagneticExchange හරි. ඒත් කිසිම වෙලාවක ගොඩක් ලොකු ගණන් මේ exchangers ලා හරහා හුවමාරු කරගන්න එක නම් එච්චර නුවණට හුරු නැහැ. පොඩි ගණන් වලින් පටන් ගන්න. විස්වාසය ගොඩ නැගුණට පස්සේ පුලුවන් ටික ටික වැඩි කරන්න.
7. OkPay
Neteller වගේම සමාගමක්. Neteller, Payoneer වගේම මේකෙනුත් ඔයාට Debit Card එකක් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් Forex සහ Binary Options Brokers ලා මේ OkPay, Payment Processor කෙනෙක් විදිහට අනුමත කරනවා.
8. WebMoney
ඉතාමත් ජනප්‍රිය රුසියානු Payment Processor කෙනෙක්. මේකෙනුත් සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් කරන්න පුලුවන් හැමදෙයක් ගැනම තවම මමවත් දන්නේ නැහැ. එක දෙයක් දන්නවා. මේකෙන් ලංකාවේ අපි පාවිච්චි කරන ප්‍රධාන ජංගම දුරකතන සමාගම් වලට Reload දාන්න නම් පුළුවන්.
ඒ වගේම බහුතරයක් Forex සහ Binary Options Broker සමාගම් ප්‍රධාන Payment system එකක් විදිහට Webmoney පිලිගන්නවා.
9. Payeer
මේක නම් ගොඩක් අලුත්. නියම User Interface එකක් තියෙනවා. අවුලකට තියෙන්නේ මේකේ Debit Card එක ලංකාවට support කරන්නේ නැති එක.
No comments:
Post a Comment